ඉතාලි ජාතික සංචාරකයින් යුවලක් ගමන් ගත් මෝටර් රථයකට රන්දෙනිගල ප්‍රදේශයේ දී වල් අලියෙකු පහරදී තිබේ.

අලියා විසින් පහරදී එම මෝටර් රථය පෙරලා දමා ඇතත් එම සංචාරක යුවලට කිසිදු හානියක් සිදු වී නැතැයි පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට වාහනයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.