ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් 80 කින් ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1170කි.

කිලෝ ග්‍රෑම් දෙකහමාරේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් අටකින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 822කි.