පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාරයක් ලෙස සැළකිය නොහැකි බවත්, එය දේශපාලන ඉලක්කයක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආගම උපකාරී කරගත් බවයි කාදිනල්වරයා පවසන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් කාදිනල්වරයා මේ බව සඳහන් කළේය.

අනෙක් ආගම් පහත හෙලා යම් ආගමක් මතු කිරීමට කිසියම් පිරිසක් උත්සහ ගන්නේ නම් ඔවුන් වඩාත්ම හානි කරන්නේ තමන්ගේම ආගමට බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත් උන්වහන්සේ මෙහිදී පවසා සිටියා.