ගෑස් නෞකා දෙකකට අද පස්වරුවේ මුදල් ගෙවා අවසන් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හෙරත් මහතා පවසනවා. ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති අතර එම නෞකා දෙක ගෑස් මෙට්‍රික් ටොන් 7500 කින් සමන්විත වේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් අඩංගු පළමු නෞකාව ලබන බ්‍රහස්පතින්දා (26) කොළඹ වරාය වෙත පැමිණීමට නියමිත බවද සභාපතිවරයා සඳහන් කරයි. අනෙක් නෞකාවද කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ හරහා ගෑස් පාරිභෝගිකයන්ට යම් සහනයක් ලැබෙනු ඇති බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.