தளம்
සිංහල

ඕමාන තානාපති, කථානායක හමුවෙයි

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා (Juma Hamdan Hassan AlMalik Alshehhi) ඊයේ (04) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා ආදිය සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපතිවරයා මෙහිදී පැවසීය. එසේම ශ්‍රී ලංකා- ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර සබදතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

වසර 08ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳවද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය.1

Fourudeen Ibransa
3 years ago

නෙළුම් කුලුණ පාට පාටින් බැබළුනාට ජනතාවගේ ජීවිතවල කලු පාට විතරයි

Fourudeen Ibransa
3 years ago

‘ලංකා ඊ නිව්ස්’ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදියා අත්අඩංගුවට

Fourudeen Ibransa
3 years ago