தளம்
සිංහල

මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මරුට.. 17ක් රෝහලේ… තවත් බසයක් නූලෙන් බේරේ…

යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් අද (05) අලුයම වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලී යාම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 03 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

යාපනය සිට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් කොළඹ දෙසට එකට ධාවනය වී ඇති අතර එහිදී මුලින් ධාවනය වූ බස් රථය නොච්චිමොට්ටෙයි පාලම මතදී පාලමේ ගැටීමෙන් බස්රථය පෙරලී ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

එමෙන්ම පසුපසින් පැමිණි බස්රථයද ඉදිරියෙන් ගිය බස්රථය පෙරලී යාම හේතුවෙන් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මාර්ගයෙන් කැලෑබද ප්‍රදේශයට ධාවනය කොට අනතුර වලක්වා ගැනීමට සමත්ව ඇතැයිද එහි ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.

ඉදිරියෙන් ගිය බස්රථයේ රියදුරුට නින්ද යාම හෝ අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පාලමේ ගැටී පෙරලී ගොස් ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.

අනතුර හේතුවෙන් පෙරලී ගිය බස්රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මගීන් 17 දෙනෙකුගෙන් පිරිමි 08 ක් සහ කාන්තාවන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

මිය ගිය පිරිස් අවුරුදු 23 සහ 32 අතර වයස්හි පසුවන යාපනය වැල්වැටිතුරෙයි සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවටත් තුවාල කරුවන් වහාම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රමය කොල්ලකන බලධාරීන් එක්ක වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය

Fourudeen Ibransa
3 years ago

ජිප්සීස්ලාගේ සොමි-කොමි සින්දු අතර සුනිල්ගේ ’’ඔබ දුටු ඒ මුල් දිනේ’’

Fourudeen Ibransa
3 years ago

කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

Fourudeen Ibransa
3 years ago