தளம்
සිංහල

<a href="https://theleader.lk/news/15015-2023-01-08-17-14-52">පොහොට්ටුවේ සහ එජාපයේ ප්‍රධානින් අතර සාකච්ජාවේදී ගත් තීන්දු තීරණ මෙන්න</a>

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ

විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ වේගවත් ආර්ථික ප්‍රගතියක් සහ ජන ජීවිතය නඟාසිටුවීම පිළිබදවයි.

මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න සහභාගි වී තිබිණ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, සාගල රත්නායක, රංගේ බණ්ඩාර, අකිල විරාජ්, රවී කරුණානායක, රුවන් විජේවර්ධන සහභාගී වී ඇත.

පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් දෙපාර්ශය ඉහත අරමුණු සාක්ෂාත්කර ගැනීම වෙනුවෙන් පොදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකර තිබේ.



එහිදී ඇතම් පළාත්පාලන ආයතන සඳහා පොහොට්ටුව ලකුණින් ද ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ‘අලියා’ ලකුණ යටතේද ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුනකින්ද තරඟ කිරීමට එකඟතාවයක් ඇතිකර ගෙන ඇතිබව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් අනිද්දා (10) දෙපාර්ශවය රැස්වී නාමයෝජනා සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට තීන්දුකර ඇතැයි ද පැවසේ.



එසේම උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා ගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ ‘විණාව’ ලකුණින් ද නැගෙනහිර පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ‍ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ බෝට්ටුව ලකුණින් තරග කිරීමට පොහොට්ටු පක්ෂ නායකයින් යෝජනා කර ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්ව සිටින මැති ඇමතිවරුන් සමග සාකච්ජා කර  බදුල්ල වැනි ප්‍රදේශවල පළාත් පාලන ආයතනවලට තරඟ කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට ද තීන්දුකර ඇතැයි වාර්තාවේ.

Related posts

අටමස්ථානාධිපති නා හිමි ආදාහනය අද…

Fourudeen Ibransa
2 years ago

ලෝකයේ උසම ගොඩනැගිල්ලක් තරම් දිග එවර්ග්‍රීන් නෞකාව සූවස් ඇළේ සිරවෙද්දී බොර තෙල් මිලියන 6.3 ක් සහිත නැව් 6 ක් අතරමං!

Fourudeen Ibransa
3 years ago

ඉන්ධන නොමැති කමින් එළඹෙන සතියෙත් පාසල් නැහැ

Fourudeen Ibransa
2 years ago