தளம்
සිංහල

වරාය අධිකාරියේ සේවක මාසික වැටුප වැඩි කෙරේ

තෛ වාර්ෂිකව වැඩිවන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැටුප් වැඩි කිරීම 25% කින් වැඩි කිරීමට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා උපදෙස් ලබා දෙයි.

ඒ අනුව 2021 ජනවාරි මස සිට හිඟ වැටුප් ද සහිතව ගෙවීම් සිදු කෙරේ.

විවිධ අවස්ථාවන් වල පාලන අධිකාරිය විසින් අත්තනෝමතිකව සිදු කල වැටුප් වැඩිවීම් හරහා සිදුව ඇති සේවක වැටුප් විෂමතාවද ඉවත් කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

වරාය අධිකාරියේ වෘත්තීය සමිති ඉල්ලීම් අසා ඒවා සලකා බලමින් මෙම තීරණ වලට එලඹ ඇත.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම්වරයා,වරාය අධිකාරියේ සභාපති,උප සභාපති ඇතුළු නිළධාරීන්, වරාය වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව සිටියහ.

Related posts

ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා යුග මෙහෙවරක් ඉටු කිරීමට බන්දුල සූදානම් වෙයි

Fourudeen Ibransa
2 years ago

ගිනි කන්දක් උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා – විමල්

Fourudeen Ibransa
2 years ago

මේක ව්‍යාපාරික මාෆියාවක් නෙවෙයි ජාත්‍යන්තර මාෆියාවක් කියලා තමයි කියන්න වෙන්නෙ – ලසන්ත

Fourudeen Ibransa
3 years ago