தளம்
සිංහල

අපිට කේක් එකවත් කපන්න දුන්නෙ නෑ – නිරෝධායනයට යන පියුමිගෙන් චෝදනා රැසක් !

නිරෝධායන නීති කඩකරමින් උපන් දින සාදයක් පැවැත්වූ, නිරූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා, නිරූපණ ශිල්පී පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානය රඳවා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ඔවුන් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබිණි.

නිරෝධායනයට යන අතරතුර පියුමි හංසමාල් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය හරහා සජීවී වීඩියෝවක් නිකුත් කරමින් චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධ කර ගනිමින් තමන් ඇතුළු පිරිසට විවිධ පුද්ගලයන් විසින් මඩ ප්‍රහාර එල්ල කරන බවයි ඇය පවසන්නේ. මීට පෙර රූපවාහිනී නාළිකාවල නත්තල් පාටි ඇතුළු අවස්ථා සඳහා සම්බන්ධ වූ කලාකරුවන් නිවෙස්වල නිරෝධායනය කරද්දී තමන් ඇතුළු පිරිස අසාධාරණ ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තැබීමට තීරණය කර ඇති බවද ඇය පවසනවා.

අසනීප තත්වයේ පසුවන පිරිස් මෙන්ම අද උදෑසන සිට නිරාහාරව සිටින පුද්ගලයන්ද තමන් සමග සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමු නොකළ බවත් පියුමි හංසමාලි පවසනවා.

Related posts

බදුර්දීන්ගේ මොබයිල් එක අත්අඩංගුවට අරන් වෙච්ච වින්නැහිය !

Fourudeen Ibransa
3 years ago

ජනාධිපතිතුමාගෙන් පරිසරයට මීට වඩා දෙන්න දායාදයක් නෑ – ඩලස්

Fourudeen Ibransa
3 years ago

වෘත්තීය සමිති ආණ්ඩු කිරීම

Fourudeen Ibransa
3 years ago