தளம்
සිංහල

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

2021 වර්ෂය සඳහා වු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව වයස අවුරුදු 18 සම්පුර්ණ කළ අය හෝ මෙතෙක්  ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවීසීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම්කළ හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එම වෙබ් අඩවියට පිවිසීමෙන්, 2021 වර්ෂය සඳහා යම් පුද්ගලයෙකු ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා නිර්දේශ වී තිබේද යන්න පරික්ෂා කිරීමටද හැකිය.

මීට පෙර 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා යළි ලියාපදිංචිවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
 
පවතින කොවිඩ් – 19 අවදානම හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Related posts

තිළිණි ප්‍රියමාලි යළි රිමාන්ඩ් – මාස 6ට මිලියන 3,000ක් දුන්නේ කවුද?

Fourudeen Ibransa
2 years ago

ඉන්දීය එක්සිම් බැංකුවේ තුන් සාමාජික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණේ

Fourudeen Ibransa
2 years ago

වීරවංශට ගම්මන්පිල මගහැරෙන දවස හෙටද ? – තාරක ලියයි

Fourudeen Ibransa
2 years ago