தளம்
සිංහල

රිෂාඩ් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස කිහිපයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මීට අමතරව ඔහුගේ නිවසේ සේවය කරමින් සිටි දැරියක් පිලිස්සී‍ මියයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ සැකකරුවෙකු ලෙසද බදියුදීන් මහතා නම්කර තිබෙනවා.

Related posts

අපි ජනතාවගේ අමාරුකම් තේරුම්ගත් රජයක්. අභියෝග මතින් හෝ පොරොන්දු ඉටු කරනවා – මහින්ද

Fourudeen Ibransa
2 years ago

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතයි

Fourudeen Ibransa
3 years ago

ලංකාවේ ‘චීන වැඩ ගැන’ ඉන්දියාව සීරුවෙන් !

Fourudeen Ibransa
2 years ago