தளம்
සිංහල

රෝහිත රාජපක්ෂ රග්බි අතහැර ක්‍රිකට් පිටියට බසී – ලඟදීම පළමු පෙළ තරග වරම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා අන්තර් සමාජ ක්‍රිකට් තරග සඳහා එක්වීමට සූදානම්ව සිටින බව Cricket Age වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.

ඔහු මේ වනවිට සිය ක්‍රීඩා සමාජය හා එක්ව මග්ගොන සරේ ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් සිදු කරන බවයි වාර්තා වන්නේ. ඔක්තෝබර් 27 වැනිදා අන්තර් සමාජ එක්දින තරගාවලිය ආරම්භ වන අතර එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පුහුණුවීම් පැවැත්වේ.

එක්දින තරගාවලිය සඳහා සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පුහුණු තරග පැවැත්වෙන බවත්, පුහුණු තරග සඳහා රෝහිත රාජපක්ෂ මහතා එක්ව සිටින බවත් කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ ප්‍රකාශයකයෙකු Cricket Age වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

රෝහිත රාජපක්ෂ මහතා මීට පෙර රග්බි තරග සඳහා ක්‍රීඩා කළ අතර නාවික හමුදාව, යුද හමුදාව, හැව්ලොක් ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩාකොට තිබෙනවා. ඔහුගේ නායකත්වය යටතේ නාවික හමුදා රග්බි කණ්ඩායම 2013-14 තරගවාරයේ ලීග් ශූරතාවය දිනා ගැනීමටද සමත් විය.

Related posts

චාමික කැසිනෝ ශාලාවක ගැටුමක.. පහර දෙයි.. දසුන්-භානුක පැන බේරයි..

Fourudeen Ibransa
1 year ago

මගේ ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මම එකඟයි – ජනපති

Fourudeen Ibransa
2 years ago

මුදල් ඇමති බැසිල්ගෙන් සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන

Fourudeen Ibransa
3 years ago