தளம்
සිංහල

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා නිළධාරීන් යළි රිමාන්ඩ්

තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායයා පැහැ‍රගෙන ගොස් ඝාතනයට කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිළධාරීන් 15 දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිළධාරියා ඇතුළු එම කඳවුරේ සේවය කළ නිළධාරීන් පිරිසක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවා තිබිණි.

එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ සමග මට්ටක්කුලිය හමුදා කඳවුරේ සේවය කළ යුද හමුදා බුද්ධි අංශ නිළධාරියෙකු විසින් මෙම ඝාතනය සැළසුම් කර ඇති අතර එල්ලේ ක්‍රීඩකයා පැහැරගෙන ගොස් ඝාතනය කර මළසිරුර කැලණි ගඟට දමා තිබිණි.

එම මළසිරුර කාකදූපත අසලට ගොඩගසා තිබියදී හමු වූ අතර ඉන් අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.

Related posts

මංගල පිටින් යවා රාජාසන කතාව දින දෙකකට කොට කරයි!

Fourudeen Ibransa
2 years ago

අයිඩා නැවතත් සැර වෙයි – නිව්යෝක් නගරයේ හදිසි තත්වයක්

Fourudeen Ibransa
3 years ago

මාස තුන හතරකට වරක් උස යන ‘ඝානාවේ උස ම මිනිසා’

Fourudeen Ibransa
2 years ago