தளம்
සිංහල

ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා යුග මෙහෙවරක් ඉටු කිරීමට බන්දුල සූදානම් වෙයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. අද ඔහු සිය නව අමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නේය.

බන්දුල ගුණවර්ධන මහතා අද දිනයේදීම සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණවර්ධන මහතා සඳහන් කළේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැප වී කටයුතු කරන බවයි. හෘද සාක්ෂියට එකඟවත්, අවංකවත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, මෙවැනි බැරෑරුම් අවස්ථාවක ලැබුණු නව තනතුර සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඔහු සඳහන් කරනවා.

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් හා සමග එක්ව රටේ ජනතාව වෙනුවන් යුග මෙහෙවරක් ඉටු කිරීමට සූදානම් බවයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

Related posts

දේශීය ටින් මාලු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර රැසක්-ධීවර අමාත්‍ය.!

Fourudeen Ibransa
3 years ago

දුම්රිය ගමන්වාර අවලංගු කිරීමක් සිදුවන්නේ නැහැ – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී..!

Fourudeen Ibransa
1 year ago

අද දිනයට කොවිඩ් ආසාදිතයන් 287 ක්

Fourudeen Ibransa
3 years ago