தளம்
සිංහල

පා පහර එල්ල කළ හමුදා නිලධාරියා රාජකාරිවලින් ඉවතට

කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් මෙසේ රාජකාරිවලින් ඉවත් කෙරෙනු ඇත.

මීට අදාළව නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද හමුදාපතිවරයාගේ නියෝග මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බල සේනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවයි – පළමු නැව බ්‍රහස්පතින්දා කොළඹ වරායට !

Fourudeen Ibransa
2 years ago

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Fourudeen Ibransa
1 year ago

රෝහල් පද්ධතිය බිද වැටෙමින්.. අත්‍යවශ්‍ය ඖෂධ 90ක් හිගයි.. පැරසිටමෝල්, පිරිටන්, ඇස්ප‍්‍රින් ඒ අතරයි..

Fourudeen Ibransa
2 years ago