කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් මෙසේ රාජකාරිවලින් ඉවත් කෙරෙනු ඇත.

මීට අදාළව නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද හමුදාපතිවරයාගේ නියෝග මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බල සේනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.