දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් මෝටර් රථය යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

කොළඹ සිට යාපනය දක්වා ගමන් ගනිමින් තිබියදී කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මන්ත්‍රී වාහනයට සුළු හානියක් සිදුව තිබේ.