දරුවන්ගේ අනාගතය ගැන සිතා මෙන්ම ගුරුවරුන්ගේ වෘත්තිමට ගැටළුවලට විසඳුම් දීම වෙනුවෙන්ද “දරු තරු ජාතික සංවිධානය” නමින් සංවිධානයක් ගොඩනගන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (08) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු යෙදීමෙන් පසු එයට සහය දෙන ලෙස වෘත්තීය සමිති නායකයින්ගෙන් නොව ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ පැවසුවේ.

ඒ අනුව ඉන් පසුව ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා දීමේ වගකීම තමන් වහන්සේ භාර ගන්නා බව ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන ලදී.  

”මම කියන්නේ දරු පරපුර ගැන සිතා පාසල ආරම්භ කිරීමට කටයුතු යෙදීමෙන් පසුව එයට සහය දෙන්න  කියල. ඊට පස්සේ රජයත් එක්ක සාකච්ජා කරලා ඒ අවශ්‍ය දෙවල් කිරීමට මම මැදිහත් වෙනවා. අපි ආණ්ඩුව නම්‍යශීලි කරගන්නවා වගේ ඔබත් නම්‍යශීලි වෙන්න කියල අපි ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.