රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අද (02) දහවල් දැනුම්දීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා වහාම ඒ පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුවත් කර ඇති බවත් තමා ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කරනතෙක් ඉල්ලා අස්වීමේ ලිපිය නොයවන්නැයි බැසිල් අමාත්‍යවරයා එහිදී දැනුම්දී තිබු බවත් වාර්තාවේ.

අනතුරුව, අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා, අගමැති මහින්ද රාජපක්ෂ හමුවී උපදෙසක් ලබාගැනීමට අද පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් තිබු නමුත් ඉන්පසු සිදුවුයේ කුමක්දැයි මෙතෙක් වාර්තාවී නොමැත.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වන්නයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ, විදෙස් හි සිට පැමිණි ප්‍රකට ව්‍යාපාරිකයකු ප්‍රභූ පර්යන්තයෙන් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නියමයෙන් සිදුකල විමර්ශන වාර්තාව පදනම් කර ගෙනද නොඑසේනම්, ඔහුගේ මැර කණ්ඩායමක් අද උදැසන රාගම වෛද්‍ය සිසුන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ද යන්න ප්‍රකාශයට පත්ව නොමැත.  


රාගම වෛද්‍ය සිසුන්ට මැර ප්‍රහාරයක් !

අද (02) අළුයම 3ට පමණ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩා වැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් ඔවුන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඩී.කේ සමරතුංග නැමති පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ අයෙකු වන අතර සිසුන් විසින් සිය භාරයට ගෙන පොලිසියට බාර දෙනු ලැබූ WP KI 2376 මොටර් රථය එම එම අමාත්‍යාංශයට අයත් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක් බවත් මේ වෙනවිට සිසුන් විසින් හඳුනාගෙන ඇත.

පොලු මුගුරු රැගෙන 15ක පමණ පිරිසක් වාහන කිහිපයකින් මෙම පහරදීම සඳහා පැමිණ තිබෙන අතර පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.

Arundika 2022.01 1වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි

රාගම වෛද්‍ය  පීඨයේ  ශිෂ්‍ය  නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම  සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලේ  ප්‍රතිකාර ලබන තවත් වෛද්‍ය සිසුවෙක්, සිසුන් පහර දීම සදහා පැමිණ රාජ්‍ය ආතනයට අයත්  මෝටර් රථයේ රියදුරු හා සිද්ධිය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ රාගම පොලිසියට බාර වු තිදෙනකු ද වන බව අජිත් රෝහණ පවසයි.

 මීගමුවේ රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවා හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද පස්වරුව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත  ඇත.