අද (12) සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳව කළ විමසුමේ දී ය.

මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයනොමැතිවීම හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර 42ක් හෙට සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු වන බවය.

එහෙත්, මඟීන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳව සළකා බලා ඒ පිළිබඳව නිසියාකාර විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඉන් පසු එම දුම්රියයන් අවලංගු කරන්නේ ද යන්න පිළිබඳව සළකා බලන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.