සයිනොෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී වැඩි මිලක් දක්වමින් ශ්‍රී ලංකාව තුළ දූෂණයක් සිදුව ඇතිද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයට ප්‍රකාශයක් කළ නොහැකි බවත් එවන් ප්‍රකාශයක් කළ හැක්කේ චීන රජයට පමණක්ම බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

“චීනය ලංකාවට දුන්න මිල ඩොලර් 15මද, නැත්නම් ඊට අඩු මිලකට දීලා ලංකාවේ දූෂණයක් හරහා වැඩි මිලක් දක්වලා තියෙනවාද, බංගලිදේශයට ඇත්තටම දෙන්නෙ කීයටද, මේ කතාව ඇත්තද බොරුද කියලා ලංකාවෙ ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න බෑ. එය කළ හැක්කේ චීන ආණ්ඩුවට පමණමයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.