නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම කොමිෂන් සභා වාර්තාවෙන්  පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද මෙම තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.