‘ලංකා ඊ නිව්ස්’හි  ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක

කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (CCD) විසින් අත් අඩංගුවට ගෙන ඇත. 

 අත් අඩංගුවට ගත් නිලධාරියා අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ඔහු විසින් දැනුම්දී ඇති කරුණක් සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගන්නා බවයි.

  හෙට (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබු බව ‘ලංකා ඊ නිව්ස් ‘ වාර්තා කර තිබේ. 

ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සිටියේ ය. 

 ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසා ඇත්තේ, ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවත් ය. 

 ඒ අතරතුර දී සීසීඩීය විසින් අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.  ඔහු තමන්ට ලැබුණු ආරක්ෂක තොරතුර මාධ්‍යයේ ප්‍රසිද්ධ කර නොමැත. ඔහු විසින් සිදුකර ඇත්තේ, වඩා සැලකිලිමත් වීම සඳහා එම අනතුර පිළිබඳව අදාල අංශය වන ඉන්දීය තානාපති කාර්යාලය වෙත දැනුම් දීමයි.

 කීර්ති රත්නායක යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. දැන් ඔහු හමුදා සේවයෙන් ඉවත්ව සිටින අතර කලාපීය ආරක්ෂක සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශ්ලේෂනයේ යෙදේ. ඒ සම්බන්ධ ලිපි රාශියක් ඔහු ‘ලංකා ඊ නිව්ස්’ වෙත ලියා ප්‍රසිද්ධ  කර ඇත. 

dfghf

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ  මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙකු ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. 

පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන තිබේ. 

පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවයි. 

 සබැඳි පුවත :

‘ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක්’!!! –  පුරෝකථනයක් ලියු මාධ්‍යවේදියා පොලිසියට කැඳවයි