පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලැබෙනතුරු රට වසා දැමිය යුතු බවට තමා රජයට යෝජනාවක් ඉදිරිපත් කළ බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

එසේම රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනෙකු හෙට(27) දිනයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

කොළඹ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල පවතින ඉන්ධන සංචිත පිළිබඳව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහනක් කළේය.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6000ක් පමණ’මේ වනවිට රට තුළ’පවතින බව ඔහු පැවසීය.

ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රජය අර්බුදයකට මුහුණ දී සිටින බවද බලශක්ති අමාත්‍යවරයා  පැවසුවේ.