ණය ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ආනයනය කිරීමේ එකඟතාව මත ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම් සඳහා මෙරට ඉන්ධන පිරවුම්හල් ලබා දීමට  රජයේ වධානය යොමුව තිබේ.

මේ පිළිබද යෝජනාවක් හෙට(27) පැවත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගම වැනි ලොව ඇති ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට අවස්ථාව ලැබෙන අතර මෙරට ඇති පිරවුම්හල් 1190ක් මෙලෙස වෙනත් සමාගම්වලට ලබාදීමට යෝජනා වී ඇත.

එම සමාගම්වලට වසරක හෝ මාස 6ක කාලයක් සඳහා ඉන්ධන පිරවුම්හල් ලබාදෙන අතර ඔවුන් එම සමාගම්වල ණය ක්‍රමයක් යටතේ මෙරටට ඉන්ධන ආනයනය කළ යුතු බවට වන කොන්දේසියක් පැනවේ.

එසේ නොමැති වුවහොත් කුමන සමාගමක් පැමිණිය ද ඉන්ධන ආනයනයට ඩොලර් ලබාගැනීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.