ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගෙන තිබේ.

ඔවුන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් වැඩි කිරීමේ සුදානමක් නොමැති බව  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදනවල මිල අදාල බේකරි නිෂ්පාදකයා දරනු ඇති බවත් තවදුරටත් මිල වැඩි කිරීමේ හැකියාවක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔහු සන්ධාන කළේය.