හෙට (27) දිනයේ සිට ජුලි මස 03වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 විදුලි කප්පාදුවක් සිදු වන බවය.

ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර අනෙක් දිනයන් හි කොළඹ නාගරික කලාපයේ පැය 2ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8ක්වා විදුලි කප්පාදුවක් සිදු කරන දැනුම් දී ඇත.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.