අමාත්‍යවරයා ලෙස තමා මොරගහකන්ද කිසිදු ඉඩමක් ලබාදී නැතැයි ද එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මැණික් ගැරීම සඳහා කිසිදු ඉඩමක් ලබාදී නැතැයි ද ඒ සඳහා පොදු වැඩපිළිවෙලක් අනුව කටයුතු කරනවා මිස සඟවා කිසිදු වැඩපිළිවෙලක් නැතැයි අමාත්‍යවරයා කීය.

අමාත්‍යධූරය ඕනෑම අවස්ථාවක ලබාදිය හැකි බවත්, එය බදාගෙන නොමැති බවත් ඇමතිකමින් ජනතාවට වැඩකරන බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වඩාත් සාධාරණ ක්‍රම වේදයකට මෙම ඉඩම් බෙදා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

අද වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාදුරා ඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ප්‍රමාද වූ බවත් එම සංවර්ධන කටයුතු පසුගිය රජය යටතේ නැවත ආරම්භ කළ බවත් , පාරිසරික අධීක්ෂණයෙන් පසු එම ඉඩම්වල ඉඩ ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.

දැනට මෙම ඉඩම්වල අනවසරයෙන් පිරිසක් වගා කරනවා, අනවසරයෙන් කළත් කරන්නේ වගා කරන එක. ඔවුන් අනවසරයෙන් වගා කරන්නේ නිසි ක්‍රමවේදයක් ලබා නොදෙන නිසා. එම නිසා ඉදිරියේදී එම වැඩපිළිවෙළ සකස් කරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීයඅමාත්‍යවරයා ලෙස තමා මොරගහකන්ද කිසිදු ඉඩමක් ලබාදී නැතැයි ද එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මැණික් ගැරීම සඳහා කිසිදු ඉඩමක් ලබාදී නැතැයි ද ඒ සඳහා පොදු වැඩපිළිවෙලක් අනුව කටයුතු කරනවා මිස සඟවා කිසිදු වැඩපිළිවෙලක් නැතැයි අමාත්‍යවරයා කීය.

අමාත්‍යධූරය ඕනෑම අවස්ථාවක ලබාදිය හැකි බවත්, එය බදාගෙන නොමැති බවත් ඇමතිකමින් ජනතාවට වැඩකරන බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වඩාත් සාධාරණ ක්‍රම වේදයකට මෙම ඉඩම් බෙදා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

අද වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාදුරා ඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ප්‍රමාද වූ බවත් එම සංවර්ධන කටයුතු පසුගිය රජය යටතේ නැවත ආරම්භ කළ බවත් , පාරිසරික අධීක්ෂණයෙන් පසු එම ඉඩම්වල ඉඩ ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.

දැනට මෙම ඉඩම්වල අනවසරයෙන් පිරිසක් වගා කරනවා, අනවසරයෙන් කළත් කරන්නේ වගා කරන එක. ඔවුන් අනවසරයෙන් වගා කරන්නේ නිසි ක්‍රමවේදයක් ලබා නොදෙන නිසා. එම නිසා ඉදිරියේදී එම වැඩපිළිවෙළ සකස් කරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය