දැන් නම් පාර්ලිමේන්තුව ඇත්තටම පිස්සන් කොටුවකි. මීට පෙර විවිධ අවස්ථාවලදී ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී පිස්සන් මෙන් හැසිරුණු අතර මේ වනවිට දිනපතාම පිස්සු නටන තත්වයට පත්ව තිබේ.

‘ඔල්මාද බඩුවක් නෙ, මේ පිස්සව වාඩි කරන්න’ යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා එක් අවස්ථාවකදී සිදුකළ ප්‍රකාශය සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය වූ අතර ඒ මේ වනවිට මීම් එකක් බවට පත්ව තිබේ.

අද වනවිට වාසුදේව නානායක්කාර මහතාට තකට තක ගැලපෙන පිස්සන්, ඔල්මාදකාරයන් රැසක් රටේ මහජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඊයේ දිනයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද පිස්සු කතාවක් කියමින් තමන්ද වාසුදේවලාට නොදෙවෙනි බව රටටම පසක් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වූ අතර එම අවස්ථාවේදී වඩිවේල් සුරේෂ් මහතා ඇතුලු සජබ මන්ත්‍රීවරුන්ගෙන් ඊට බාධා එල්ල විය. එම බාධාකිරීම් හමුවේ වික්‍රමසිංහ මහතාට කේන්ති ගිය අතර ඔහු ‘මේ පිස්සව වාඩි කරන්න’ යැයි සඳහන් කළේය.

මෙම ප්‍රකාශය සිදු කරන්නේ මෙරට පස්වරක් අගමැති ධුරයේ දිවුරුම් දුන් ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙකි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ටතම මහජන නියෝජිතයාය. තවත් පැත්තකින් දිගු කාලයක් මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක නායකයා ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.

එදා මේ පිස්සව වාඩි කරන්නැයි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාටය. ඊයේ ඔහු ක්‍රියාවෙන්ම තමන් පිස්සෙක් බව ඔප්පු කළේය. පිස්සා පිස්සා යැයි කීවේ පිස්සුව තිබෙන පුද්ගලයාය.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ මේ ආකාරයෙන් නම් පක්ෂය තුළ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව යම් තහවුරුවක් ලබාගත හැකිය. දශක 07 කට වැඩි ඉතිහාසයක් සහිත, ලෝකයේම කීර්තිය දිනූ රාජ්‍ය නායකයන් බිහිකළ පක්ෂයක් අද බිමටම වැටී, හොට බිම ඇනී තිබෙන්නේ රනිල්ගේ මේ පිස්සුව නිසාය.

පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නේ නැතැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. බොහෝ දෙනා සිතුවේ රනිල් යනු ඩොක්ටර් කෙනෙක් බවයි. ඒ ඔහු කිසිවකට කලබල නොවී, තීක්ෂණ බුද්ධියෙන් දේශපාලන ගේම් ගසා තමන්ට ඕනෑ දේ ඉටුකර ගන්නා නිසාය. පස්වතාවක් අගමැති වීමට ඔහු සමත් වූයේ ඒ කලබල නොමැතිකම නිසාය.

එහෙත් දැන් ඔහු ඉතා ඉක්මනින් කලබල වන පිස්සෙකුගේ තත්වයට වැටී තිබේ. ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකට කළේ ඒ පිස්සුවයි.