07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව විර්මශන සිදු කරමින් තිබියදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.08.28 වන දින සවස් කාලයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී මෙම ඝාතනයේ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කල සැකකරුවෙකු හා කාර් රථය පැදවූ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු වයස අවුරුදු 32 ක් වන නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 29 ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විර්මශන කටයුතු සිදු කරනු ලබයි.