ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳනු ඇති බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදුකරනු ඇතැයි ද එහිදී පැවසීය.
ඊයේ (07) පස්වරුවෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීර්ඝ කාලයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බව පැවසීය.
එමෙන්ම යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුය.
ඒ පිළිබඳව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා”ජන රැළි දෙකකට සහභාගී වූ ජනාධිපතිවරයා කන්කසන්තුරේ පිහිටි මාවෙයි සේනාධිරාජාගේ නිවසට පැමිණ ඔහු සමඟ සාකච්ඡාවකට එක් විය.
இணைந்திருங்கள்