පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම ආණ්ඩුක්‍රම වියවස්තාව උල්ලංඝණය කිරීමක් බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතත් ඒ සදහා පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කර ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

කෙසේ වෙතත් එලැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවුරුදු නැකැත් සීට්ටුවක් නිවෙස් වලට බෙදා දීමට කටයුතු යොදා තිබේ. එය ඊයේ (03) පෙ.ව. 7.54 යෙදුනු සුභ මොහොතින් ජනතාව අතර බෙදා හැරීම ආරම්භ කෙරිණි.

ඇමති මහචාර්ය ජී.එල් පිරීස් මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ සුදානම මෙසේ හෙලි කලේය.
“පළාත් සභා මැතිවරණය පවත්වනවා. හැබැයි ඒකට පාර්ලිමේන්තුවට ගිහින් පණතක් සම්මත කර ගත යුතුයි. ශේෂ්ඨාධිකරණය තීරණය කරල තියෙනවා. ඒ පණත නැතිව පළාත් සභා මැතිවරණය තියන්න බෑ කියලා පසුගිය රජය කලේ තනිකරම ප්රෝරඩාවක්. තිබුණ මැතිවරණය ක්රසමය අහෝසි කළාට අලුත් නීතියක් හැදුවේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වතාවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කල විෂයභාර ඇමතිවරයා තමන්ගේම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. මැතිවරණ වලට මුහුණ දීමට ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසයි. ඔවුන් එහෙම කලේ නොයෙක් උප්පරවැට්ටි භාවිතා කරලා ඔවුන් මැතිවරණ කල් දැම්මා ඒකට උදව් කලේ TNA එකහා යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබුනේ නෑ. ඒ තුනෙන් දෙක ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන් තිදෙනා ආසන 16 ක් යහපාලන ආණ්ඩුවේ දෙමළ ජාතික සන්ධානයේ මේ ක්රිදයා පිලිවෙල නිසයි මැතිවරණය කල් ගියේ.

ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා ඒ වරද හරිගස්සන්න. කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය දේශපාලන තීන්දුවක් ගත යුතුයි. කොයි ක්‍රමයටද පළාත් සභා පවත්වන්නේ කියලා ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පණත සම්මත වුනාම රට පුරාම එකවර මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න පුලුවන්.

ජනාධිපතිතුමා බලයට පත්වෙලා මාස 14 ක් ගතවෙලා ආණ්ඩුව බලයට ඇවිත් මාස 08 යි. සමාජ මාධ්‍ය ඔස්සේ රටේ බොරු ප්‍රශ්ණ හුගක් යනවා. යම් යම් අය මුදලට රටේ ස්ථාවර භාවය නැති කරන්න මෙවැනි කුමන්ත්‍රණ වල යෙදෙන බව අපි දන්නවා. මේ බොරු ප්‍රචාර වලට රටේ ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා

මේ කාලේ බඩු මිල ඉහල ගිහින් කියලා අපි පිලිගන්නවා. යහපාලන ආන්ඩුව මේ රටට කරපු විනාශය ප්‍රථිපල තමයි ඔය. මේවා නිවැරදි කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒකට ටික කාලයක් ගතවේවි. අද දේශීය නිෂ්පාදනයට මුල්තැන දෙන ආර්ථිකයක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනවා. මේ වසර අවසන් වීමට පෙර මේ රටේ බොහෝ ප්රපශ්න වලට විසදුම් ලබා දීමට හැකිවේවි. ඒ සදහා අවශ්‍ය පසුබිම මේ වන විට අප සකස්කරමින් යනවා.