දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන 2022 අයවැයෙන් වෙන්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. 

ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම මුදල් වෙන්කිරීම පිළිබඳව ප්‍රාදේශීය මට්ටම කරා දැනුවත් කිරීමේ ලිපි ද යවා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දිවයින පුරා පවතින සමස්ත ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14022ක් වේ. ඒ අනුව මෙසේ ග්‍රාම නිලධාරී වසම් වෙනුවෙන් රුපියල් මිලියන 42066ක් වෙන් කෙරෙනු ඇත. 

2022 අයවැය යෝජනා සකස් කිරීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර ඒ පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා සහ විවිධ රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡා වට ගණනාවක් ද පැවැත්වෙමින් තිබේ.