කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ “පුනර්භව පර්යේෂණ මධ්‍යස්ථානය” විවෘත කිරීම එම ආයතනයේ උපකුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහ දෙස් විදෙස් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 

සත්ත්වයාගේ මරණින් මතු පැවැත්ම පිළිබඳ ලොව පුරා විද්වතුන් සිදුකළ පර්යේෂණ පොතපත,ලිපි ලේඛණ හා ඡායාරූප එකතුවක් මෙම මධ්‍යස්ථානය සතුව පවතින අතර පුනර්භවය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම,සම්මන්ත්‍රණ හා වැඩසහන් පැවැත්වීම,අධ්‍යන පාඨමාලා හා විද්වත් කථිකාවන් පැවැත්වීම ආදී කාර්යයන් මෙහි සිදු කෙරේ. 

පුනර්භවය පිළිබඳව අධ්‍යනය කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ වී තොරතුරු ලබා ගත හැකිය. 

ප්‍රවීණ ලේඛක හා පර්යේෂක තිස්ස ජයවර්ධන මහතා විසින් රචිත පුනර්භවය පිළිබඳ පනස් වසරක පමණ කාලයක සිට සිදු කළ පර්යේෂණ රැසක් ඇතුළත් “යළි ඉපදී හමුවන පෙරභව නෑයෝ ” ග්‍රන්ථය ද මෙහිදී එළි දැක්විණි.  

අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහානිකායේ අනුනායක ධූරන්දර පුජ්‍ය මහාචාර්ය නවගමුවේ රේවත නාහිමි,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන අධ්‍යයන උපදේශක පූජ්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,බෞද්ධ අධ්‍යයන පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන හිමි,සහකාර පුස්තකාලයාධිකාරී පූජ්‍ය පාතකඩ රේවත හිමි, වියට්නාම තානාපති Ho Thi Thanh Trauc, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, ප්‍රවීණ ලේඛක හා පර්යේෂක තිස්ස ජයවර්ධන, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල, පුනර්භව පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරිනී චම්පානි දේවිකා, ලේඛකාධිකාරී කේ.ජී. බ්‍රිටෝ, ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගීවුහ. 

ඩිල්ශානි චතුරිකා දාබරේ