පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එම්.එල් යමුනා පද්මිණී මහත්මිය තල්පොත නිවසේදී පෙරේදා අලුයම 2.30 ට පමණ තියූණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා. 42 හැවිරිදි ඇය දෙදරු මවක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලීසිය එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පරිපාලන නිලධාරිනියගේ සැමියා අත්අඩංගුවට ගණු ලැබුවා. ඝාතනය සිදු වූ දිනයේ ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු කාමරයේ සිට දිව අයුරු දුටුවද අදුර හේතුවෙන් ඔහු හදුනාගැනීමට නොහැකි වූ බවයි.

ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන පොරොව ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.