අවුරුදු 12-17 වයස් කාණ්ඩයේ ළමුන්ටද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. එම වයස් කාණ්ඩය සඳහා මොඩර්නා එන්නත අනුමත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා මොඩර්නා එන්නත නිර්දේශ කර තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසන්නේ මෙම තීරණය හරහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කළ හැකි වන බවයි.

මේ වනවිට වයස අවුරුදු 16 ඉක්මවූවන් සඳහා එන්නත්කරණය සිදුවන අතර අවුරුදු 16 ඉක්මවූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 44.5% ඉක්මවන ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබෙනවා.