ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ලෝක වාර්තාවක් පිහිටුවමින් සිය ඉසව්වේදී රන් පදක්කම දිනාගත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 05 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ.

මීට අමතරව සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතය.

මීට පෙර පසුගිය 2012 සහ 2016 වසරවලදී ශ්‍රී ලංකාවට එක් ලෝකඩ පදක්කම බැගින් පමණක් හිමි වූ අතර මෙවර රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 51 වැනි ස්ථානයේ රැඳී සිටී.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම ලබන 07 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.