රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සතුව තිබූ ජංගම දුරකතනයක් පසුගියදා බන්ධනාගාර නිළධාරීන් විසින් සොයාගෙන තිබිණි. අදාල දුරකතනය මන්ත්‍රීවරයාට ලබාදුන් බන්ධනාගාර නියාමකවරයාද හඳුනාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් විමර්ශන ආරම්භ කළ අතර නඩු භාණ්ඩයක් වන අදාල ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි. ඒ විමර්ශනවල ඉදිරි කටයුතු සඳහායි.
රිෂාඩ් බදියුදීන් මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිසා මෙම ජංගම දුරකතනය හරහා ඊට අදාල සාක්ෂි පිරික්සීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල ජංගම දුරතනය තුළ අඩංගු දෑ පිළිබඳව මෙන්ම එම ජංගම දුරකතනයෙන් ලබාගත් ඇමතුම් හා ලැබුණු ඇමතුම් පිළිබඳවද විමර්ශන පවත්වා තිබෙනවා.
ත්රස්තවාදීන්, අන්තවාදීන් සමග පැවැත්වූ දුරකතන සබඳතා අපේක්ෂාවෙන් සිටි නිළධාරීන්ට හමු වී තිබෙන්නේ ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් සමග බදියුදීන් මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකතන සබඳතා පිළිබඳවයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රබලයන් රැසකට ලබා දී ඇති සහ ප්‍රබලයන් රැසකගෙන් ලැබුනු ඇමතුම් පිළිබඳව තොරතුරු හෙළි වී තිබෙනවා.
මේ පිළිබඳව ආණ්ඩුවේ ඉහළ තැන්වලට වාර්තා වීමෙන් පසුව රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කෙකු පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ එම ජංගම දුරකතනය රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.
බදියුදීන් මන්ත්‍රීවරයාගේ ත්‍රස්තවාදී සබඳතා අන්තවාදී සබඳතා අනාවරණය වීම කෙසේ වෙතත් ජංගම දුරකතන සිදුවීම පිළිබඳව සිදුවන විමර්ශන නම් ඉතා නුදුරේදීම අතුරුදන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
இணைந்திருங்கள்