ශ්‍රමය කොල්ලකන බලධාරීන් සමඟ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙනත් විකල්පයක් නැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ (08) සෞඛ්‍ය වෘත්තීය සමිති 44ක් එක්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ලෙස පැය පහක වැඩ වර්ජනය ගැන කරුණු දක්වමිනි.

මේ  වන විට කොරෝනා හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් 14කට ජීවිත අහිමි වී තිබෙන අතර ඔවුන්ගේ පවුල්වලට වැටුප දීමට, වන්දියක් දීමට හෝ කිසිදු සහනයක් ලබා දීමට රජය මැදිහත් වී නැති පසුබිමක මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා හැර කිරීමට වෙනත් විකල්පයක් නැති බවයි රත්නප්‍රිය මහතා පැවසුවේ.

මීට පෙරද වෘත්තීය ක්‍රියාමර්ග දෙකක් ගත් අතර තවදුරටත් ඇමතිවරයා සහ ආණ්ඩුව සාකච්ඡා මඟහරිමින් සිටින අතර අද දිනයේදී සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් මීට වඩා බරපතල ක්‍රියාමර්ග සඳහා යොමුවීමට සිදුවන බව ද ඔහු අවධාරණය කළේය.