ඉස්කෝලේ ක්‍රිකට් ගහන කාලේ ඉඳල බැට්ස්මන් කෙනෙකුට කියල දෙන මුල්ම පාඩම තමයි බෝලේ දාන්නේ මොකාද කියල බලන්නේ නැතුව හැම බෝලයක් දිහාම හොඳට බලල ගහන්න කියන එක. මොකද බැටාල සාමාන්‍යයෙන් බෝලස්ල දෙගොඩ ගහගෙන ඉන්නේ. සිරා බෝලස් ල සහ කන්ජි බෝලස් ල හැටියට.

සිරා කියන්නේ සීරියස් බෝලස්ල. කන්ජි කියන්නේ කන්ජයියෝ කියන එක. ඒ කියන්නේ උන් එච්චර ගණන් ගන්නේ නැහැ. හොඳ බෝලයක් වැටෙන්නේ ඉඳල හිටලා නිසා කන්ජිලට ගහන්නේ වැඩිය හිතන්නේ නැතුව.

හැබැයි ලෝ සුපතළ මොනයම්ම ජාතියේ සිරා බැටෙක් උනත් ක්‍රීස් එකට ආවම පුල් සිරා මූඩ් අරගෙන ගහන බෝලස් ල ලෝකේ හිටියේ අතලොස්සක් ගාණට. ඉන් එකෙක් තමයි ෂේන්. ෂේන් වෝන්.

තෙන්ඩුල්කාගේ ඉඳල, ලාරාගේ ඉඳල, අරවින්දගේ ඉඳල, කෝලි දක්වා ඕනි එකෙක් ෆුල් ඇලට් කරන්න පුළුවන් විශ්මිත පන්දු යවන්නෙක් හිටියනම් ඒ ෂේන්. උගේ අහංකාර ඔස්ට්‍රේලියා ගතිය නිසා අපේ උන් ඉන්නේ ඌ එක්ක මලේ උණාට ෂේන් කියන්නේ ක්‍රිකට් වල ලෙජන්ට් එකක්.

ලෙග්ස්ටම්ප් එකට සීතලට වැටෙන බෝලේ ඔෆ් එක ගලවාගෙන යනකොට සීතල නැහැ. රත්වෙනවා. සිහින බොඳ වෙනවා. කන් පාත් වෙනවා.

එක සැරයක් දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය සුන්නද්දුලි කලේ ෂේන්. ඒ වගේ මැච් ගොඩක් කට්ටියට මතක ඇති. ක්‍රිකට් ලෝකයේ රටවල් බර ගාණක සුබ සිහින සිය ගණනක් නපුරු සිහින බවට පත් කරන්න ෂේන් සමත් උණා. එහෙම කරන්න හැමෝටම බැහැ. ඒකට ෂේන් වගේ අය ඉන්න ඕනි.

ලෝකෙට හිටියෙත් ඉන්නෙත් එක ෂේන් කෙනයි. ඒ ඕස්ටේලියාවේ ෂේන් වෝන් විතරයි.

සුව නින්දක්!