රස්නායකපුර පොලිස් වසමේ අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩි විසු දස සිල් මාතාවක් එම ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පිළිස්සී මියගොස් ඇති ලද පණිවිඩයක් මත රස්නායකපුර පොලිසිය විර්මශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක් වන ඉහත ආරාමයේ වැඩ වාසය කරනු ලැබූ දස සිල් මාතාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. ගින්න ඇති වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

රස්නායකපුර පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරගෙන යනු ලබයි.